අපිට web design කරනකොට පරිගනක භාෂා කීපයක උදව් අවශ්‍ය වෙනව. ඉතින් web designing වලදි අපිට අපිට නැතුවම බැරි language එකක් තමයි html.අද ඉදන් මම කියල දෙන්නෙ html වලින් කොහොමද අපි web designing කරන්නෙ කියලා. අපි මුලින් html language එක ගැන ටිකක් ඉගෙනගෙන ඉමු.
xhtml:-extensible hyper text markup language
html කියන්නෙ web ක්‍රම ලේඛ භාෂවක් හෙවත් mark up language එකක්.mark up language එකක තිබිය යුතු අනිවාර්ය අවෂ්‍යතාව වන්නෙ ,
පොදු නීති මාලාවකට හෙවත් ප්‍රමිතියකට යටත් විය යුතුයි.
මෙම mark up language ප්‍රමිති නිර්න්මාණය කරනු ලබන්නේ world wild web consortum එක හෙවත් w3c ආයතනය විසිනි. xhtml යනු අද ලොව ජනප්‍රියම markup language එකකි.
වෙබ් පිටුවක් සැකසීම.
හරි අපි බලමු html වලින් කොහොමද අපි වෙබ් පිටුවක් සකසාගන්නෙ කියල. මේ සඳහා ඔබට විශේෂ
මෘදුකාන්ගයක් අවෂ්‍ය වෙන්නෙ නෑ. windows වලදී නම් note pad එක හා උබුන්ටු වලදී නම් ඒ සමග ලබාදෙන text editors තුල ඔබට code ලිවීම ආරම්භ කල හැකියි. html kase sensitive language එකක් . එම නිසා ඒ පිලිබඳව සැලකිලිමත් විය යුතුයි. මෙහිදී අපි යොදාගත යුතු ප්‍රධාන tag කිහිපයකි.
<html>,<head>,<title>,<body>
අපේ වෙබ් පිටුව ප්‍රධාන කොටස් දෙකකට වෙන කල හැකියි.
හරි tag ලිවීම ආරම්බ කිරීමට පෙර ඔබ මේ ගැනත් සැලකිලිමත් වන්න. tag එකක් open කල පසු අපි එම tag එක වසාදැමීම කල යුතුය. පහත උදාහරණය බලන්න
<head>ආරම්බකිරීම
</head>වසාදැමීම
ඔබ සාදන web පිටුව save කල යුත්තේ .html හෝ .htm extenstion එකෙනි.ඔබ සාදන වෙබ් පිටු save කිරීම සඳහා ඕනම drive එකක් තුල www ලෙස folder එකක් සකසාගන්න. එය ඔබට පහසුවක් වනු ඇත.
හරි අපි අපේ පලමු වෙබ් පිටුව නිර්මාණය කරමු.
<html>
<head>
<title>dsz site</title>
<body> this is my first webpage
</body>
</html>
හරි අපි දැන් මෙය save කරමු.
file->save
දැන් ඔබ පලමු web පිටුව සකස් කොට අවසන්. එය open කල බැලීම සඳහා html file එක double click කරන්න. එවිට ඔබට default browser එක තුල open වී පෙන්වනු ඇත.
browser එක තුල සිට html file එක open කිරීම
file->open
ඔබට page source බලාගැනීමට අවෂ්‍ය නම් වෙබ් පිටුව තුල
right click->view page source තෝරාගන්න.
හරි අපි වෙන වෙනම පොඩි හඳින්වීමක් බලමු අපි බාවිතා කරපු tags පිලිබඳ .
ඔබ වෙබ් පිටුව code කිරීම ආරම්බ කල යුත්තේ <html> tag එකෙනි එය අවසානයේ වසා දැමිය යුතුයි.
<head> tag එක මගින් වෙබ් පිටුවෙ මුල් කොටස ආරම්බ කරයි.
<title> මගින් ඔබේ වෙබ් පිටුව අඩන්ගු tab එකේ මාතෘකාව සකසයි.
<body> tag එක තුල වෙබ් පිටුවේ අඩන්ගු විය යුතු විස්තර අතුලත් කරයි .
කොහොමද යාලුවනෙ හොදයිද මම කියල දීපු විදිය.මට අද උවමනා කලේ ඔයාලට html වලින් වැඩ කරන විදිය ගැන මුලික වැටහීමක් ලබාදෙන්න. මම හිතනව මට පුලුවන් උපරිමයෙන් මම ඒක කලා ඔයාලට අපහැදිලි තැනක් හරි ගැටලුවක් හරි තියෙනවනන් comment එකක් දාන්න. යාලුවන්ටත් දැනගන්න share පාරකුත් දාන්න. එහෙනන් බොහොම ස්තූතියි යාලුවනේ post එක කියෙව්වට. ඊලඟ post එකෙන් බලමු අපි විවිධ tags බාවිතා කරන්නෙ කොහොමද කියල. එහෙනන් ඔයාලට ජය වේවා.
tag එකෙනි එය අවසානයේ වසා දැමිය යුතුයි. tag එක මගින් වෙබ් පිටුවෙ මුල් කොටස ආරම්බ කරයි.
1 comments:
hari atika
api web pituwak hadala internet akata danne kohomada..?
Post a Comment