එදා ඔයාලට මතක ඇතිනේ මම කියල දීපු tag ටික ඒව හොදින් මතක් තියාගන්න code හොදින් මතක තියෙන තරමට ඔයාලට වැඩ පහසු ඔයාලට ගිය සතියෙ චේදයක් කොහොමද අපේ වෙබ් පිටුවට එක් කරන්නෙ කියල , කියල දීපු එකේ මම හිතුව අද ඔයාල font එක්ක වැඩ කරන හැටි කියල දුන්නොත් හොඳයි කියල.ඔන්න එහෙනම් දැනට note pad එකේම කොටමුකෝ.
අපි මුලින් බලල ඉමුකො මොනාද මේ fonts වර්ග කියල.
මේවා ඉතින් office දන්න අයටනම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඕන්. එයාලා මටත් උගන්වයි.hikz ඔයාල අහල ඇතිනෙ" Arial" "georgio" "times" "verdana" වගේ font වර්ග. ඔය ෆොන්ට් වලින් වෙන්නෙ අකුරු වල හැඩ වෙනස්වෙන එක. තේරුනේ නැත්තන් tag එක use කරාමම බලන්නකෝ.
fonts භාවිතා කිරීම .
අපි මේකට මූලිකව යොදාගන්න tag එක තම්යි. මෙහිදී අපි font වර්ගය තෝරාගනු ලබන්නෙ face නැමැති atribute එක භාවිතා කිරීමෙනි. පහත උදාහරණය වටහාගන්න.
<font face="ඔයාලා භාවිතා කරන්න කැමති font වර්ගය" >
</font>
හරි එහෙනම් අපි මේක code කරල browser එකේ run කරලම බලමුකෝ. ඔයාලට copy කරල ලේසියෙන්ම note pad එකට paste කරන්න ලේසි වෙන්නම මම paint වලින්ම හදලම දෙන්නන්කෝ.. hikz ඔයාලගෙම හොඳටනේ එහෙම කරන්නෙ.
screen shot
.html ලෙස හෝ .htm ලෙස save කර run කර බලන්න. ඔයාලට පේනවද වෙනස. පේන්නෙ නැත්නම් ඉතින් ඇස් පෙන්නල බෙහෙත් ගන්න වෙයි. ඔයාල ඔය විදියට විවිධ fonts වර්ග භාවිතා කරල බලන්නකෝ.
තාම පාඩම ඉවර නෑ. දැන් බලමු font වල size එක වෙනස් කරන්නෙ කොහොමද කියල. මේකට <font> tag එකයි size නම් atribute එක භාවිතා කරයි. පහත උදාහරණය බලන්න.
<font size="6">
ඉහත උදාහරණය පහත පරිදි face atribute එක තිබියදීම භාවිතා කරන්නත් පුලුවන්. code කර browser එක තුල run කර බලන්න.
<font face="Arial" size="7">
</font>
size එක වෙනස් කර කර run කර බලන්න.
හරි දැන් අපි බලමු tag හරහා අකුරු වලට කරන්න පුලුවන් දේවල් මොනවද කියල.
අකුරු bold,italic,underline කිරීම.
bold කිරීම <b>my favourite letter is D</b>
italic කිරීම <i>my favourite letter is D</i>
underline කිරීම <u>my favourite letter is D</u>
තදපැහැ අකුරු ලබාගැනීම.
<strong> my favourite letter is D</strong>
ඇල අකුරු ලබාගැනීම
<em>my favourite letter is D</em>
අකුරු superscript කිරීම සහ subscript කිරීම.
superscript කිරීම <p>3<sup>rd</sup></p>
subscript කිරීම. <p>O<sub>2</sub></p>
අකුරුවල alignment එක සැකසීම.
ඔබගේ චේදය වෙබ් පිටුව තුල වම් පසින්, දකුනු පසින් හෝ මැදින් දැක්වීමට අවෂ්‍ය නම් පහත පරිදි code කරන්න.
<p align="right">DSZ site</p>
ඔබට මෙහිදී right වෙනුවට center,left යෙදිය හැකිය.
ඔන්න ඔයාලට අද code ගොඩක් කියල දුන්න. අපහැදිලියි නම් මම ඉහත උදාහරණ වල code කරන විදියයි run browser එකේ run කරපු screenshot එකයි දෙන්නම්කෝ. එතකොට ඔයාලගෙ අපහැදිලි තැන් මගහැරගන්න පුලුවන් වෙයි. එහෙම කරලත් ගැටලුවක් තියේනම් comment එකක් මගින් මාව දැනුවත් කරන්න.
code කිරීම
screen shot
හරිනෙ ඔන්න මම ඔයාලට අද fonts භාවිතයේදී අවශ්‍ය වන html tags ගැන බොහොම ලෙහෙසියෙන් පහදල දුන්නා. ඔයාලට තියෙන්නෙ ඔය tag type කරලම මතක තියාගන්න තමයි. මම දෙන දේවල් විතරක් කර කර ඉන්නෙ නැතිව ඔයාලත් tag භාවිතා කරල මොනව හරි දෙයක් කරන්න බලන්න එතකොට ඔයාලට හොඳට මතක හිටීවි. අපි ඊලඟ දවසෙ බලමු තවත් tag කිහිපයක් ගැන මම කලින් කියපු දේ ඔයාල හොදින් වටහාගන්න ඔයාලගෙ උනන්දුව හා කැපවීම මත ඔයලට පුලුවන් වෙයි හොඳ web designer කෙනෙක් වෙන්න. ඔන්න මම අදට නවතිනව එහෙනන් ඔයාලට ජයෙන් ජය ...!
[~"_"~D$Z~"_"~]
මෙහි සඳහන් දේවල් අවසරයකින් තොරව උපුටා වෙනත් බ්ලොග් පිටුවක හෝ වෙබ් පිටුවක පල නොකිරීමට තරම් කාරුණික වන්න.
1 comments:
[~"_"D$Z"_"~]: [~"_"~Html Web Designing Part No 3~"_"~] >>>>> Download Now
>>>>> Download Full
[~"_"D$Z"_"~]: [~"_"~Html Web Designing Part No 3~"_"~] >>>>> Download LINK
>>>>> Download Now
[~"_"D$Z"_"~]: [~"_"~Html Web Designing Part No 3~"_"~] >>>>> Download Full
>>>>> Download LINK d5
Post a Comment