හරි එහෙනම් මේ මාසෙ මුල්ම පොස්ටුවෙන් මම ඔයාලට දෙන්න යන්නෙ html පාඩමේ හතර වෙනි කොටස. වැඩි කතා නැතුව එහෙනම් අපි පාඩමට enter වෙමුකො. මම මේ පාඩම් මාලාව අවසානයේ ඔයාලට දෙන්නම්කෝ html&css ගැන සරල english වලින් ලියපු pdf එකක්. ඕන කෙනෙක්ට කියවල තේරුම් ගන්න පුලුවන් වෙයි.
මම ඒ පාඩමෙන් වැඩි පුරම අවධානය දුන්නෙ චේදයක් ලියනකොට font එක්ක වැඩ කරන්නෙ කොහොමද කියලනෙ.. අදත් මම කියල දෙන්නෙ font එක්ක වැඩ කරනකොට අපිට අවශ්‍ය වන වැදගත් tag කිහිපයක් ගැන. හැබැයි ඉතින් මේව වැදගත් වෙන්නෙ font එක්ක වැඩ කරනකොට විතරක් නෙමෙයි.. ඔයාලටම තේරෙවි ඒක. ලොකු දෙයක් නෙමෙයි බොහොම පොඩි දෙයක්.
මේ tag වලින් වෙන්නෙ එකම දේ පොඩි පොඩි වෙනස්කම් තියෙනව. ඔයාලත් අධ්‍යනය කරල බලන්න්කො.
<div> tag එක.
අපිට මෙම tag එක චේද වැනි දේවල් ලිවීමේදී භාවිතා කරන්න පුලුවන්. පේලියක කොතන හෝ තැනකින් <div> tag එක ආරම්භ කල විට එම පේලිය ඉබේම පහල පේලිය වෙත යොමු වේ.
<div> අවශය පේලිය </div>
හරි අපි <div>tag එක වෙබ් පිටුවකට ඇතුලත් කරන අයුරු බලමු
code කිරීම
browser එකේ run වූ විට
හරි ඔයාලට තේරුම් යන්න ඇතිනෙ. එහෙනම් මේ වැඩේම කරගන්න පුලුවන් තවත් tag දෙකක් බලමු. ඔයාලම මේවගෙ වෙනස බලන්නකෝ. අපිට මේ වැඩේම ඔයාල දන්න <p> tag එකෙනුත් කරගන්න පුලුවන්. ඒ වගේම <br/> tag එකෙනුත් පුලුවන් මේ සඳහා පහත code අධ්‍යනය කරන්න.
code කිරීම
browser එකේ run වූ විට
ඔයාල දැක්කද වෙනස එක එක tag එකෙන් පහලට යොමු වෙන ප්‍රමාණය වෙනස් වෙනව.. එහෙනම් ඉතින් ඒ වැඩ ටිකත් ඉවරයි.
අපි එහෙනම් තවත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරමු.
වෙබ් පිටුවකදී වර්ණ භාවිතය..
අපි වෙබ් පිටුවකදී වර්ණ භාවිතා කරන ප්‍රධාන format දෙකක් තියෙනව
1.rgb color format
2.hexa decimal color code
rgb color format
අපි වර්ණ භාවිතයේදී ප්‍රධාන වර්ණ තුනක් ගැන කතා කරනව. ඒ තමයි
(r)ed
(g)reen
(b)lue
මේ වර්ණ තුනේ දායකත්වයෙන් අපිට පුලුවන් වෙබ් පිටුව තුල ඕනෑම වර්ණයක් ඇතුලත් කරන්න. අපි බලමු කොහොමද වර්ණ හදාගන්නෙ කියල.
red(255,0,0)
green(0,255,0)
blue(0,0,255)
white(255,255,255)
black(0,0,0)
මෙහිදී ඔබ වර්ණ සාදා ගැනිමේදී භාවිතා කල හැකි උපරිම අගය 255, අවම අගය 0 වේ. ඔබට දම් වර්ණය සාදාගැනීමට අවශ්‍ය යැයි සිතන්න. එසේනම් ඔබ රතු සහ නිල් වර්ණ ලබාදිය යුතුයි.
purple(255,0,255)
ඔය විදියට ඔබට අවශ්‍ය ඕනම color එකක් සාදාගත හැකියි.
hexa decimal color code
මෙහිදී අපි වර්ණ ලබාදෙනූයේ hexa decimal ආකාරයෙනි..hexa decimal color code ලබා දීමට 0,1,2,3,4,5,6,7,8,9,a,b,c,d,f භාවිත කරයි. මෙහිදී maximum value f වන අතර minimum value එක 0 වේ.hexa decimal color ලබාදීමේදී එම color එක හඳුනා ගැනීමට # ලකුන භාවිතා කරයි.
red= #ff0000
green= #00ff00
blue= #0000ff
black= #000000
white= #ffffff
මෙහිදීත් 0-f දක්වා values වෙනස් කරමින් ඔබට අවශ්‍ය color එක සාදාගත හැකියි.ඔබට වර්ණයේ නම ලබාදීමෙන්ද browser එක තුල වර්ණ දැක්විය හැකිය.
හරි අපි දැන් බලමු code කරන ආකාරය...
background එක සඳහා වර්ණ ලබා දීම.
<body bgcolor="silver">
font සඳහා වර්ණ ලබා දීම.
<p><font color=#ff0000>
චේදයේ background එක සඳහා වර්ණ ලබා දීම.
<p style="background:rgb(255,255,255)">
පහත උදාහරණයේ විදියට code කරල web browser එකේ run කරල බලන්න. colors වෙනස් කරමිනුත් බලන්න.
code කිරීම
browser එකේ run වූ විට
ඔන්න ඔයාලට මම ගානෙ color codes ටිකකුත් දෙනවා.
hexa decimal color codes
rgb color codes
ඔයාලට එහෙනම් වැඩේ හොඳට තෙරෙන්න ඇති කියල ගැටලුවක් තිබුනොත් comment එකක් දාලා අහන්න. ඔයාලට පොස්ට් එක වැදගත් වුනානම් like එකකුත් දාලා යාලුවන්ට බලන්න share පාරකුත් දාන්න.. එහෙමනම් මීලග පොස්ටුවෙනුත් වැදගත් දෙයක් අරගෙන එනකන් ඔයාලට ජයෙන් ජය.....!
[~"_"~D$Z~"_"~]
1 comments:
great work bro
Post a Comment