කට්ටිය දැන් හිතනව ඇති මෙයා මේ මොකාටද එන්න හදන්නෙ කියල. තව ටිකකින් කියන්නන්කො මොකද්ද මගේ මුල්ම post එකෙන් ඔයාලට දෙන්න යන්නේ කියල.මම හිතනව ඔයාලා ඒක ආදරයෙන් වැලඳගනියි කියල. හරි හරි දැන් කියන්න බලන්න බුකිය රජදහනක් කරනොගෙන ඉන්න අපේ කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවද කියල නෑනේ.මමනන් හිතන්නෙ මාක් අයියා ලෝකෙට දායාද කරපු ඉතාම වටින දෙයක් තමයි facebook කියන්නෙ.ඒක ඉතින් වැරදි විදියටත් බාවිතා වෙනව තමයි.ඒකට ඉතින් අපිම තමයි වග කියන්න ඕන චුට්ටක් හදවතට තට්ටු කරල අහන්න ඔයත් බුකිය වැරදි දේවල් වලට use කරනවද කියල .එහෙම කෙනෙක් නෙමෙයිනම් ඇත්තටම තමන් ගැන පුන්චි නිහතමානී ආඩම්බරයක් ඇති වෙන්න ඕනි.මම පුන්චි දෙයක් කියනන් යාලුවනෙ.
මේක ඔයාල කැමතිනන් විතරක් කරල බලන්න. ඔයාලටත් මේකෙන් අහින්සක පුන්චි සතුටක් ලබාගන්න පුලුවන් වෙයි.මාක් අයියා අපිට බුකියෙ group create කරල ඒක දිගටම පවත්වාගෙන යන්න අවස්තාව ලබල දීලා තියෙනවනෙ . ඒකට මාක් අයියට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මුලින්ම. දැන් ඉතින් බුකිය පුරාම group වැහි වැහැල.ගොඩක්ම group තියෙන්නෙ මට හිතෙන විදියට අපි නොදන්න දෙයක් post එකක් මාර්ගයෙන් දන්න කියන කෙනෙකුගෙන් සැක හැරල දැනගන්න. කොටින්ම කිව්වොත් අපේ දැනුම තව කෙනෙක් එක්ක share කරගන්න.ඔන්න ඉතින් ඕක විහිලුවට ගත්තු සමහරු නොදන්න කෙනෙක් ප්රශ්නයක් ඇහුවම එයාව නෝණ්ඩි කරලා දානව බුකිය එපා වෙන්නම. මේකට තවත් උදව්වක් වෙලානෙ photo comment.යාලුවනෙ හොඳින් අහන්න කවදාවත් එපා එහෙම කරන්න කවද හරි තමන්ටත් ඒ වගේ දෙයක් වුනාම තෙරේවි ඇතිවෙන හැඟීම .තමන් දන්න දෙයක් තියේනන් විතරක් comment කරන්න.ගැටලුව සම්බන්දව පැහදිලිව දැනගන්න පුලුවන් බ්ලොග් එකක link ඒ යාලුවට දෙන්න.හරි එහෙනන් මම හිතනව යාලුවො set එක මම කියපු දේ පිලිගත්තා කියල .
හරි එහෙනන් ලෑස්ති වෙන්න යාලුවනේ මම ඔයාලට මුල්ම post එකෙන් දෙන්න යන දේ ලබා ගන්න. මම ඔයාලට මුලින්ම දෙන්න හිතුවේ බොහොම වැදගත් දෙයක්.ඉගෙන ගන්න කැමති හුගක් දෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙයි.ඔයාල කවුරුත් දන්නව java කියන්නෙ අද වෙනකොට ලෝකේ හුගක් ඉස්සරහින් ඉන්න programming language එකක්.කවුරුත් ආසයිනෙ java ඉගෙනගන්න ඔන්න මම ඒකට නියම බාණ්ඩයක් ගෙනාව. මේක බොහොම වටින ebook එකක්.මේක මට හම්බ වුනේ net එකේ පොඩි search පාරක් දානකොට .මේකෙ scjp(sun sertified java programmer)පාඩම් මාලාව සරල සින්හලෙන් ලස්සනට පහැදිලි කරල තියෙනව ඕනම කෙනෙක්ට පැහැදිලිව කියවල තෙරුම් ගන්න පුලුවන් විදියට.. දැන්නම් scjp නෙමෙයි. ඒක oracal එකෙන් ගත්ත ඒ නිසා දැන් ocjp(oracle sertified java programmer).එහෙම උනා කියල java language එක වෙනස් වෙන්නෙ නැනෙ නැද්ද යාලුවනේ .. ඔන්න එහෙමනන් පහලින් ලින්කුව දෙන්නම් ටග්ගාල ගිහින් බාගන්න. ඔන්න ඔයාලට මම scjp exam dump එකත් දෙනව ඒකත් බාගන්න.මේකෙ ප්රශ්න 360ක් තියෙන්ව try කරල බලන්න.පොස්ට් එක වැදගත් උනානන් share පාරකුත් දාන්න
එහෙනන් බොහොම ස්තූතියි යාලුවනේ මගේ පලවෙනි බ්ලොග් post එක කියෙව්වට ..තවත් වැදගත් පොස්ට් එකකින් අපි ආයෙම හමුවෙමු.ඔයාල හැමෝටම යහපත් අරමුණුවලින් පිරිනු සුබම සුබ අනාගතයක් ........!
download pdf files
donload exam dump