open source තාමත් අපේ රටේ නම් එතරම් ජනප්‍රිය මාතෘකාවක් නොවුනත් අද වෙනකොට බොහොමයක් විශ්වවිද්‍යාල වල software developing ආයතන වල භාවිතා වෙනවා. ඔයාගෙ පරිගණකයේ ස්තාපනය කරල තියෙන මෘදුකාන්ග ගැන මොහොතකට සිහියට නගන්න. බොහෝවිට ඔබගෙ මෙහෙයුම් පද්ධතියේ සිට සියලුම මෘදුකාන්ග සල්ලි වලට අපි මිලදී ගත යුතු මෘදුකාන්ග විය හැකිය. නමුත් ඔබ එයින් එකක්වත් සල්ලි වලට මිලදී ගෙන තියෙනවාද මමනන් හිතන්නෙ 99%ක් විතරම නෑ කියල ඔයාල බොහෝ විට ඒව භාවිතා කරන්නෙ ක්‍රෑක් කිරීම මගින් හෝ පැච් කිරීම මගින්. ඉතින් අපි මේකට පොඩ්ඩක් කරදර විදින්නත් ඕන. සමහර අය crack එක හොයාගන්නෙත් ගොඩක් මහන්සි වෙලා. අපිට සල්ලි තිබුනන් කිසි ප්‍රශ්නයක් නෑ සටස් ගාල සල්ලිවලට ගන්න තිබ්බ. අපිට කොහෙන්ද පුසො මාලු කියල ඉන්නෙ නැතිව අද මුලු ලෝකයටම ලොකු වෙනසක් ඇති කරමින් open source වර්ගයේ මෙහෙයුම්පද්ධති මෘදුකාන්ග කරලියට ඇවිල්ල තියෙනව.
මමනම් දකින විදියට ඒක ගොඩක් හොඳ ප්රවනතාවක් අපි වගේ දියුණුවෙමින් පවිතන රටවල් වලට. අපි බලමුකො ඇයි මේවට open source කියන්නෙ කියල. අපි බාවිතා කරන මෘදුකාන්ග මේ මාතෘකාවට අදාලවෙන විදියට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්. ඒ තමයි. proprietary මෘදුකාන්ග හා open source මෘදුකාන්ග. මේව මේ විදියට බෙදල තියෙන්නෙ ඒ වගෙ source code අයිතිය පදනම් කරගෙන. proprietary මෘදුකාන්ග අපිට ලබාදෙන්නෙ copyrighths ඇතුවයි. ඒ කියන්නෙ එම මෘදුකාන්ගයේ source code තියෙන්නෙ එයාල ගාව ඒවගේම ඒවගෙ අයිතිය එයාල සතුයි. නමුත් source code මෘදුකාන්ග සමග අපිට එම මෘදුකාන්ගයට අදාල source code අපිට ලබාදෙනව කිසිම කොන්දේසියක් නැතුව. එම නිසා අපිට රිසි සේ ඒවා වෙනස් කරගනිමින් භාවිතා කිරීමේ පහසු කම ලැබෙනවා. නමුත් අපිට මේවා develop කරල සල්ලි වලට විකුනන එකනම් තහනම්. ඒක කොහොමත් හොඳ වැඩකුත් නෙමෙයිනෙ.
එතකොට අපිට නිකන් දෙන හැම මෘදුකාන්ගයක්ම open source වර්ගයේ නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. open source මෘදුකාන්ග නිෂ්පාදනයට අද ලෝකයේ බොහෝ පිරිසක් සහයෝගය දක්වනව. ඔබටත් ඒ දක්ෂතාවය තියෙනවනම් open source community එකත් එක්ක එකතු වෙලා අලුත් මෘදුකාන්ග නිපදවන්න ඕනම දෙයක හොඳ වගේම නරක පැත්තකුත් තියෙනව කියන එකේ අපි කෝකටත් හොදයි open source මෘදුකාන්ග වල තියෙන හොඳ පැත්ත කතා කරල බැලුවොත්.
මේකෙ තියෙන ප්‍රධානම වාසිය තමයි ඉතින් නොමිලේ ලබදීම සමහර අයටනම් නිකන් දෙනවනන් මන්න පාරක් හරි. hikz පොඩි joke එකක් දැම්මෙ නිකන් දෙනව කිව්වට බොහෝමයක් open source මෘදුකාන්ග නොමිලේ ලබාදෙනව. සල්ලි වලට විකුනන ඒවත් නැතුවාම නොවේ ඔය හේතුව නිසාද කොහේ අද වෙනකොට බිල් මාමගෙ windows මෙහෙයුම් පධති වලට ලොකු අභියෝගයක් වෙන්න linux පාදක කරගත්ත මෙහෙයුම් පද්ධති සමත් වෙලා තියෙනවා. සමහර රටවල රජයේ හා පුද්ගලික ආයතන වලත් මේ වන විට linux බාවිතයට සම්පූරනයෙන්ම යොමුවෙලා කියල කියනව. තවත් වාසියක් තමයි අපිට source code වෙනස් කරමින් අපිට කැමති විදියකට භාවිතා කල හැකි වීම.
මොනාද මේවගේ අවාසි කියල අපි බැලුවොත් සල්ලි වලට ගන්න මෘදුකාන්ග වලට වඩා errorsහා bugs සාපේක්ෂව වැඩිවීමයි. නමුත් අපිට සල්ලි වලට ගන්න මෘදුකාන්ග වලට සමානම වන ලෙස අපිට වැඩක් කල නොහැකි වුනත් ඊට ආසන්න වනසේ අපිට වැඩක් කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනව සල්ලිවලට ගන්න මෘදුකාන්ග මෙන් මෙහි දැකුම්කලු ස්භාවයත් ගොඩක් අඩුයි. ඒ වගේම සල්ලි වලට ගන්න මෘදුකාන්ග එක්ක ඒ සමග වැඩ කරන්න ඕන වෙන මෘදුකාන්ග ගනණාවක් ලබා දෙනවා. නමුත් open source වර්ගයේ මෘදුකාන්ග වල ඒවා වෙන වෙනම ස්තාපනය කල ගත යුතුයි.
ඒත් ඉතින් මමනම් දකින විදියට අපි වගේ ආර්ථිකමය අතින් ශක්තිමත් නැති රටවල් වලට open source වර්ගයේ මෘදුකාන්ග වල ආගමනය ගොඩක් හොඳ සුබ ලකුනක් ඒ වගේම ඔවුන් මේ කරන සේවාව අපිට මිල කල නොහැකි දෙයක්. ඒකට අපි ඔවුන්ට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. තව කල් යනකොට ඔවුනුත් proprietary මෘදුකාන්ග නිපදවන්නන් තරමට දියුණු වේ යැයි අපි අපේක්ෂා කරමු. එහෙමනම් යාලුවනේ ඔයාලට open source ගැන ටිකක් හරි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතෙනව ඔයාලගෙ දැනුමට පුන්චි දෙයක් හරි ලැබුනනම් මට ඒක ලොකු ශක්තියක් ඔයාල මෙච්චර විස්තර දැනගත්ත එකේ කැමති ඇතිනෙ open source මෘදුකාන්ග කිහිපයක් බාවිතා කරලම බලන්න. ආසයිනේ? ඔන්න එහෙනම් යටින් දානව ලින්ක් ටික ගිහින් බාගෙන ඔයාලගෙ පරිගණකයෙ ස්තාපනය කරල බලන්නකො කොහොමද කියල
(ලින්කුව මත click කර ලැබෙන පිටුවේ තප්පර 5ක් රැඳි සිට skip add click කරන්න. )
gimp
ඡයාරූප සන්ස්කරණ කටයුතු සඳහා භාවිතා කරයි.photoshop වෙනුවට යොදාගත හැකියි. මෙය උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සමගද ලබාදේ. ඉදිරියේදී gimp සමග වැඩ කරන ආකාරය පිලිබඳව බලාපොරොත්තු වන්න.
openoffice
ms office මගින් කල හැකි සියල්ල මෙමගින්ද සිදු කල හැකිය. ms office වෙනුවට බාවිතා කල හැකියි
ඇඩොබි ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, ෆ්‍රී හෑන්ඩ් වැනි චෙක්ටර් ග්‍රැෆික් හෙවත් චිත්‍ර ශිල්පීය ගුණාංග මූලික කර ගත් ග්‍රැෆික් නිර්මාණ සඳහා යොදා ගත හැකි open source වර්ගයේ මෘදුකාංගයකි.
scribus
ඇඩොබි පේජ්මේකර්, ඉන්ඩිසයින්, ක්වාක් එක්ප්‍රස් වැනි මෘදුකාංග වලින් පිටු සැකසීම කර ගන්නාක් මෙන් පිටු සැකසීම සඳහා යොදා ගන්නා open source වර්ගයේ මෘදුකාංගයකි.
android කියන්නෙත් open source mobile os එකක්. os එක ලබාදෙන්නෙ සම්පුර්ණයෙන්ම නොමිලෙ. android මේතරම් ඉකමනට ලෝකයම ආක්‍රමණය කලා වගේ අපිටත් open source වර්ගයේ හොඳ තත්වයේ මෘදුකාන්ග නිපදවන්න ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරමු.!
ඔන්න එහෙමනම් කට්ටියට හොඳ post එකක් මගේ අතින් ලියවුනා කියල හිතෙනව. open source මෘදුකාන්ග වලිනුත් වැඩ කරලම බලන්නකෝ කොහොමද කියල. comment එකක් දාල යන්න අමතක කරන්න එපා. යාලුවන්ට දැනගන්න share පාරකුත් දාන්න. එහෙනම් ඔයාලට ජය වේවා...!
[~"_"~D$Z~"_"~]
0 comments:
Post a Comment