ඔන්න අද මම html පාඩමෙ දෙවනි කොටසත් අරගෙන ආවා. වැඩියෙ කතා බහක් ඕන නෑනේ අපි අද පාඩම ගැන බලමු.අද මම ඔයලට කියල දෙන්න යන්නෙ html වල තියෙන විවිධ tags භවිතා කරන විදිය ගැන. ඔක්කොම tags ඉතින් එක දවසෙන් කියල දෙන්න බෑනෙ ඉදිරියටත් මාත් එක්කම රැඳිල ඉන්න වෙයි. මෙහෙම දෙයකුත් කියන්න ඕන.මම html tags ටික කියල දුන්නා කියලා ඔයාලගෙ මහන්සිය නැතුවනම් මේක ගොඩ දාගන්න අමාරුයි. එ කිව්වෙ ඔයාල මේ tags විවිධ විදියට යොදාගෙන විවිධ වෙබ් පිටු නිර්මණය කරන්න.එතකොට ඔයලට හොඳ හැකියාවක් ලැබේවි. මොක්ද web designing කරනව කියන්නෙ ලේසි පහසු වැඩක් නම් නෙමෙයි. අපෙ වෙබ් පිටුවට එන කෙනාගෙ සිත ආකර්ශනය වෙන විදියට වෙබ් එක design වෙලා තියෙන්න ඕන.ඒකටනන් ඉතින් photoshop,flash වගේ දැනුමත් ඔයාලට ඕන වෙනවා. මම ඔයාලට උදව්වක් විදියට අන්තිම පාඩමෙන් පස්සෙ කියල දෙන්නම් නොයෙක් විදියෙ වෙබ් අඩවි නිර්මාණය කරන හැටි ගැන ලියවුනු නිබන්ධණ නොමිලේම ලබාගත හැකි වෙබ් අඩවිය ගැන. ආසයි නේද තමන්ටම කියලා ලස්සන වෙබ් අඩවියක් design කරන්න . ඒක්ට ඉතින් මාත් එක්කම ඉන්න වෙයි. ඔයාලගෙ ප්‍රතිචාර මත මම ඉදිරියේදී වෙබ් නිර්මාණකරනයේදී අවෂ්‍ය වන අනෙකුත් වෙබ් භාෂා පිලිබඳවත් මම ඔයාලට කියල දෙන්නම්. ඒකට ඔයලගෙ සහයෝගය මට ගොඩක් වැදගත් වෙයි යාලුවන්ටත් මගේ බ්ලොග් එක ගැන කියන එක ඔයාල මට දක්වන ලොකු සහයෝගයක්.
හරි හරි මගේ බයිලාව දැන් ඉවරයි. ඔයාලගෙ වැඩේට බහිමුකො අපි.
අද මුලින්ම මම ඔයාලට කියල දෙන්න යන්නෙ <h> tag එක පිලිබඳවයි.
අපි <h> එක භාවිතා කරනු ලබන්නේ අපගේ වෙබ් පිටුව තුල යොදන විවිධ මාතෘකා සඳහායි.මෙය ඔබට h1 සිට h6 දක්වා ලබාදිය හැකියි. මෙහිදී h1 සිට h6 දක්වා tag වලදී ක්‍රමයෙන් අකුරුවල විෂලත්වය කුඩා වී යයි. මෙහි මූලික අකෘතිය ඔබ යොදාගත යුත්තේ පහත අයුරිනි.
<h> මාතෘකාව </h>
හරි ඔබ මෙය අධ්‍යනය කරීමට පහත code ඔබගේ note pad එක තුල type කර .html ලෙස හෝ .htm ලෙස save කරගන්න. සැලකිය යුතුයි ඔබට code මතක තබාගැනීමටනම් ඔබ කල යුත්තෙ copy paste කිරීම නොව හැකිතාක් code ඔබගේ note pad එක තුල type කිරීමය. පසුව ඔබට මේ සඳහ පහසු ක්‍රමයක් මම කියල දෙන්නම් එතකන් ඔයල හොදින් code පුහුනු වී සිටිය යුතුයි. හරි පහත code හොදින් බලන්න. copy paste කරන්න බැරි වෙන්න දෙන්නම්කො හොද වැඩක් නැත්තන් ඔයාල මේක copy paste කරනව sure.ඔයාලගෙ හොඳටම තමයි මම මෙහෙම කරන්නෙ අද ඉදල හැම code එකක්ම paint වලින් හදල දාන්නම්කෝ.
හරි දැන් පේනවද වෙනස ඔයලා හරියට code කලානම් පහත විදියට ඔයට දකින්න පුලුවන්.
හරි අපි දැන් බලමු කොහොමද වෙබ් පිටුවට චේදයක් ඇතුලත් කරන්නෙ කියල.
ඒකට අපිට අවශ්‍ය වෙනව පුන්චි tag එකක් මතක තියාගන්න. හරිම ලේසියි. හරි ඒකේ පොදු ආකෘතිය පහතින් මම දෙන්නම්.
<p>ඔයාගෙ චේදය </p>
ඔන්න එහෙනන් මම ඒකෙත් paint වලින් හදපු එකක් දෙන්නම්කො.
මම ඔයාලට දැම්මෙ එක පේලියයි ඔයාල දිග චේදයක් අතුලත් කරල බලන්නකො. මගේ screen shot එකත් බලන්නකෝ.
වැඩේ එකෙන්ම ගොඩනෙ එහෙනම්. හරි ඔයාලට චේදයට සින්හල අකුරු ඇතුලත් කරන්න ඕනෙනම් පහත මම කියන දේ හොදින් වටහාගෙන කරන්න. ඔයාල ඉදිරියේදීත්
සින්හල අකුරු වෙබ් පිටුවට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒක මතක තියාගන්න.
note pad එක තුල ඔබේ coding සිදු කර (සින්හල අකුරු අතුලත්ව )file->save යන්න.
එවිට පහලින් ඇති encoding නම් drop down menu එකෙන් unicode යන්න තොරා save කරන්න අපහැදිලිනම් පහත screen shot එක බලන්න.
හරිනෙ ඔන්න මම ඔයාලට අද html tags දෙකක් ගැන ඔයාලට පැහැදිලිව කියල දුන්නා. අපි ඊලඟ දවසෙ බලමු තවත් tag කිහිපයක් ගැන මම කලින් කියපු දේ ඔයාල හොදින් වටහාගන්න ඔයාලගෙ උනන්දුව හා කැපවීම මත ඔයලට පුලුවන් වෙයි හොඳ web designer කෙනෙක් වෙන්න. ඔන්න මම අදට නවතිනව එහෙනන් ඔයාලට ජයෙන් ජය ...!
මෙහි සඳහන් දේවල් අවසරයකින් තොරව උපුටා වෙනත් බ්ලොග් පිටුවක හෝ වෙබ් පිටුවක පලනොකිරීමට තරම් කාරුණික වන්න.
[~"_"~D$Z~"_"~]
3 comments:
thnx bro
thank you
part 4?
[~"_"D$Z"_"~]: [~"_"~Html Web Designing Part No 2~"_"~] >>>>> Download Now
>>>>> Download Full
[~"_"D$Z"_"~]: [~"_"~Html Web Designing Part No 2~"_"~] >>>>> Download LINK
>>>>> Download Now
[~"_"D$Z"_"~]: [~"_"~Html Web Designing Part No 2~"_"~] >>>>> Download Full
>>>>> Download LINK MO
Post a Comment